අවශ්‍ය ද්‍රව්‍ය
- තුඹ කරවිල ග්‍රෑම් 300
- සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් සුදු ලූනු ග්‍රෑම් 15
- සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑම් 50
- කරපිංචා ඉති 1
- තුනපහ කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- මිටි කිරි අඬුකෝප්ප 1
- පොල් තෙල් මේස හැඳි 3
- අබ තේ හැඳි 1/2
- උළුහාල් තේ හැඳි 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තුඹ කරවිල හොඳින් සෝදා සිහින්ව කපාගන්න. තෙල් රත් වූ භාජනයකට ලූනු, සුදු ලූනු සහ තක්කාලි දමා තෙම්පරාදු කර තුඹ කරවිල සහ ඉතිරි අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර පිසගන්න.