අවශ්‍ය ද්‍රව්‍ය
- මුකුනුවැන්න ග්‍රෑම් 50
- වට්ට්ක්කා දළු ග්‍රෑම් 50
- තම්පලා ග්‍රෑම් 50
- කංකුං ග්‍රෑම් 50
- ජපන් බටු කොළ ග්‍රෑම් 50
- වැල් දොඩම් කොළ ග්‍රෑම් 50
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- ගාගත් පොල් ග්‍රෑම් 100
- සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 50
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සියලුම කොළ වර්ග සෝදා සිහින්ව කපාගන්න. ගාගත් පොල් සමග ඉඟුරු, සුදු ලූනු හොඳින් අඹරා එයට රතු ලූනු එකතුකරගන්න. සිහින්ව කපාගත් කොළ සහ පොල් මිශ්‍රණය හොඳින් කලවම් කර එයට ඉතිරි අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා ළිප තබා මලවා ගන්න.