අවශ්‍ය ද්‍රව්‍ය
- පුහුල් ග්‍රෑම් 500
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- රතු ලූනු ග්‍රෑම් 50
- ගොරකා කැබලි 4
- කරපිංචා ඉති 2
- කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 2
- කබලේ බැදගත් තුනපහ තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- එනසාල් කරාබුනැටි 3-4
- කුරුඳු පොතු කැබැල්ලක්
- පොල් කිරි අඬුකෝප්ප 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පුහුල්වල අල සහිත කොටස් ඉවත්කර අළු පැහැ කොටස හොඳින් සෝදා ගෑරැප්පුවකින් හොඳින් කටුවට ඇන ගන්න. අඟලේ පමණ කැබලිවලට කපා මිරිස් කුඩු, තුනපහ සහ ගම්මිරිස් කුඩු දමා සීසන් වෙන්න හරින්න.
තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදු ලූනු සහ ඉතිරි අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න. සීසන් කරගත් පුහුල්ද එයට දමා හොඳින් කලවම් කර වතුර දමා තම්බාගන්න. වතුර හිදුණු පසුව පොල් කිරි එකතුකර මද ගින්නෙ පිසගන්න.