අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති වර්ගයක හොඳින් ඉඳුනු කෙසෙල් ගෙඩි 5
- ෆ්රෙශ්මිල්ක් මිලි ලීටර් 750
- සීනි ග්‍රෑම් 150
- කස්ට්ඩට් පවුඩර් මේස හැඳි 5
- වැනිලා මේස හැඳි 1
- කිතුල් පැණි හෝ සිනි කැරමල් කර සාදාගත් පැණි
සාදාගන්නා ආකාරය
කෙසෙල් ගෙඩි සහ කිරි වලින් මිලි ලීටර් 100 ක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු අඩිය ඝනකම භාජනගක් ගෙන එයට කිරි මේස හැඳි පහක් සහා කස්ට්ඩට් පවුඩර් එකතුකර හොඳින් දියකරගෙන එම භාජනයට ඉතිරි කිරි සහ කෙසෙල් මිශ්‍රණය සමග සීනි එකතුකර ළිපේ තබා මද ගින්දරේ හොඳින් හැඳිගාමින් මිශ්‍රණය උකු වනතුරු කලවම් කරන්න. පසුව ළිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා සිසිල් වූ පසු පැය තුනක් ශීතකරණයේ තබා පැණි සමඟ ආහාරයට ගන්න.