අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට ඉදුණු අලිගැටපේර ගෙඩි 2
- මිල්ක්මේඩ් ටින් 1
- ලෙමන් ජූස් මේස හැඳි 2
- ලුණු ස්වල්පයක්
- හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2
සාදාගන්නා ආකාරය
අලිගැටපේර, ලුණු, මිල්ක්මේඩ්, ලෙමන් ජූස් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු භාජනයක් සහ වික්ස් එකක් විනාඩි 30 ක පමණ කාලයක් අධිශීතකරණයේ තබා ඉවතටගෙන විප් ක්‍රීම් ශීත කළ භාජනය දමා හොඳින් බීට් කරගන්න.
ඝනවන තුරු බීට් කරගෙන එයට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර මිශ්‍රණය එකතු කර නැවත බීට් කරගෙන එම මිශ්‍රණය අධිශීතකරණයේ පැය 12 ක් තබා කෑමට ගන්න.