අවශ්‍ය ද්‍රව්‍ය
- Ginger Beer කෝප්ප 4
- Club Soda කෝප්ප 1
- දෙහි යුෂ මේස හැඳි 3
- දෙළුම් කෝඩියල් කෝප්ප 1/4
- කපාගත් දෙහි පෙති කිහිපයක්
- අයිස් කැට 2-3
සාදාගන්නා ආකාරය
ජින්ජර් බියර්, සෝඩා සහ දෙහි යුෂ උස වීදුරුවකට දමා හොඳින් කලවම් කරගන්න. එයට අයිස් කැට, කෝඩියල් එකතු කරගන්න. කෝඩියල් එකතුකිරීමෙන් පසු කලවම් කරන්න එපා. අවසානයට දෙහි පෙති දමා සරසා ගන්න.