අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
- කැලි මිරිස් තේ හැඳි 1/2
- ඉඟුරු සහ සුදු ලූනු පේස්ට් තේ හැඳි 1/2
- චොප් කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චෙඩාර් චීස් මේස හැඳි 3
- අවශ්‍ය පමණට බ්‍රෙඩ් ක්‍රම්බ්
- කෝන් පිටි කෝප්ප 1/2
- වතුර කෝප්ප 1/4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
භාජනයකට තම්බාගත් අල, කැලි මිරිස්, ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදු ලූනු, කොත්තමල්ලි කොළ, චීස්, බ්‍රෙඩ් ක්රම්බ්ස්වලින් ස්වල්පයක් ලුණු සහ ගම්මිරිස් එකතුකර හොඳින් කවලම් කර ඩෝ එකක් සාදාගන්න.
තවත් බෝල් එකකට කෝන් පිටි, වතුර, ලුණු හා ගම්මිරිස් දමා බැටර් එකක් සාදාගන්න. සාදාගත් ඩෝ එකෙන් කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල බැටර් එකේ පොගවා ඉතිරි බ්‍රෙඩ් ක්රම්බ්වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.