අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කුකුල් මස් ග්‍රෑම් 250
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- කෑලි මිරිස් තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1
- සූදුරු කුඩු තේ හැඳි 1/2
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 3
- කුඩු කරගත් කෝන්ෆ්ලැක්ස් ස්වල්පයක්
- ගසාගත් බිත්තර 2
සාදාගන්නා ආකාරය
භාජනයකට තම්බාගත් මස් පොඩියට ඉරා දමාගන්න. එයට ගම්මිරිස් කුඩු, කැලි මිරිස්, ලුණු, සුදුරු කුඩු සහ කොත්තමල්ලි කොළ දමා හොඳින් කවලම් කරගන්න. දැන් මෙයට පොඩි කරගත් අල දමා නැවත හොඳින් කලවම් කර කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල මුලින්ම ගසාගත් බිත්තරවල පොඟවා දෙවනුවට කෝන්ෆ්ලැක්ස්වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.