අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කර රවුමට කපාගත් දැල්ලන් ග්‍රෑම් 500
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
- කොන් පිටි කෝප්ප 1/4
- පාන් පිටි කෝප්ප 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගසාගත් බිත්තර 1
සාදාගන්නා ආකාරය
දැල්ලන් දෙහි, ලුණු හා ගම්මිරිස් දමා හොඳින් සීසන් කරගන්න. භාජනයකට කෝන් පිටි, පාන් පිටි, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස් දමා කලවම් කරගන්න. සීසන් කරගත් දැල්ලන් එකින් එක මුලින්ම බිත්තර මිශ්‍රණයේ පොගවා දෙවනුව පිටි මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sapumal-wijesinghe.png)