අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් කඩල ග්‍රෑම් 200
- කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50
- සූදුරු ඇට ස්වල්පයක්
- ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලීටර් 50
- ලුණු ස්වල්පයක්
- විනාකිරි තේ හැඳි 1
- රතු බෙල් පෙපර් 5
- එළවළු තෙල් (තෙම්පරාදුවට)
සාදාගන්නා ආකාරය
බෙල් පෙපර් දෙකට කපා ඇට ඉවත් කරගන්න. තෙල් ටික රත්කර එයට සූදුරු එකතුකර යන්තම් බැදගන්න. කඩල සහ අනෙක් ද්‍රව්‍ය එක් කරගෙන හොඳින් මිශ්‍ර කර සාදාගත් කඩල මිශ්‍රණය බෙල් පෙපර්වලට පුරවා ශීතකරණයේ තබා පිළිගන්වන්න.