අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 6
- කිරි කෝප්ප 1/2
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- බැදගත් සොසේජස් 5
- සිහින්ව පෙතිකපා බැදගත් අල ගෙඩි 3
- අවශ්‍ය පමණට කපාගත් නිවිති
- ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 100
- බටර් හෝ තෙල් ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
බිත්තර, කිරි සහ ලුණු එකතුකර හොඳින් ගසාගෙන පසකින් තබන්න.පෑන් එකක් ළිප තබා බටර් හෝ තෙල් තවරා බැදගත් සොසේජස්, අලපෙති, නිවිති, ගම්මිරිස්, ලුණු ස්වල්පයක් දමා මද ගින්නේ මිශ්‍ර කරගන්න. එයටම චීස් එකතුකර ඉන්පසු උඩින් ගසාගත් බිත්තර මිශ්‍රණය දමා විනාඩි දෙකක් පමණ මදගින්නේ බැදගෙන සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට රත් කරගත් අවන් එකක දමා විනාඩි 8 – 10 පමණ බේක් කරගන්න.