අවශ්‍ය ද්‍රව්‍ය
පේස්ට්‍රි ශීට් 1
ක්‍රීම් චීස්
චොප් කරගත් ලූනු ගෙඩි 1
චොප් කරගත් පාස්ලි ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පේස්ට්‍රි ශීට් එක තුනී කරගන්න. අඟල් එකහමාරක දෙකක පමණ විෂ්කම්භයක් සහිත රවුම් කපා එය තෙල් කඩදාසියක් දමාගත් තැටියක තබා සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයට රත්කළ අවන් එකක විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකට එක් කර ගෑරප්පුවකින් හොඳින් බීට් කරගන්න. රස අනුව ලුණු එකතු කර බේක් කරගත් පේස්ට්‍රි නිවෙන්නට හැර සාදාගත් මිශ්‍රණය මැදට දමා පේස්ට්‍රි රවුම් සැන්ඩ්විච් කරගන්න.