අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති හැඩයකට සාදාගත් බර්ග බනිස් 2
- කොටු හැඩයට කපාගත් හැම් පෙති 3
- මයෝනිස් මේස හැඳි 3
- ක්‍රීම් චීස් මේස හැඳි 3
- තක්කාලි සෝස් මේස හැඳි 1
- චොප් කරගත් අමුමිරිස් කරල් 1
- චොප් කරගත් තක්කාලි ගෙඩි 1/2
- චොප් කරගත් ලූනු ගෙඩි 1/2
- ග්‍රේට් කරගත් කැරට් මේස හැඳි 1
- ග්‍රේට් කරගත් ගෝවා මේස හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- සීනි තේ හැඳි 1/2
- රස අනුව දෙහි ඇඹුල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පිරිසිදු භාජනයක් ගෙන එයට මයෝනිස්,සෝස්, චීස්, ගම්මිරිස් කුඩු, සීනි, දෙහි ඇඹුල්, රස අනුව ලුණු එකතුකර හොඳින් හැන්දකින් කලවම්කරගන්න. එම මිශ්‍රණයට කපාගත් හැම්, ලූනු, අමුමිරිස්, තක්කාලි, ග්‍රේට් කරගත් කැරට්, ගෝවා එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.ඉන්පසු ඔබ ලෑස්ති කරගත් බර්ග බනිස් රැගෙන වෙන් නොවන ලෙස කපාගෙන සාදාගත් මිශ්‍රණය පුරවා ගන්න.