අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් ස්පැගති ග්‍රෑම් 400
- ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලීටර් 500
- ක්‍රීම් චීස් මේස හැඳි 4
- කොටු හැඩයට කපාගත් හැම් පෙති 6
- චොප් කරගත් සුදු ලුනු බික් 4
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ග්‍රෑම් 50
- බටර් මේස හැඳි 4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- කෑලි මිරිස් තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකක් ළිපේ තියා බටර් ටික එකතුකර කොටු හැඩයට කපාගත් හැම් ටික විනාඩියක පමණ කාලයක් අඩු ගින්දරේ බැදගන්න. බැදගත් හැම් වෙනත් භාජනයකට දමා ඉතිරි බටර්වලට චොප් කරගත් ලූනු, සුදුලුනු එකතුකර තෙම්පරාදු කරගන්න.
අනතුරුව කිරි, ක්‍රීම් චීස් එකතුකර අඩු ගින්දරේ උතුරවා ගෙන එයට ගම්මිරිස් කුඩු හා කෑලි මිරිස් එකතුකර හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය උකු වීගෙන එන අතරතුර තම්බාගත් ස්පැගති එකතුකර හොඳින් කලවම් කරන්න. රස අනුව ලුණු එකතුකරගෙන ළිප නිවා ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් එකතුකර චීස් මෙල්ට් වනතුරු විනාඩියක් හෝ දෙකක් පියනකින් වසා තබා උණුවෙන්ම පිළිගන්වන්න.