අවශ්‍ය ද්‍රව්‍ය
Bottom layer එක සඳහා
- කුඩු කරගත් බිස්කට් ග්‍රෑම් 100
- දිය කර ගත් බටර් මිලිලීටර් 100
- පැශන් ගෙඩි 6 ක පල්ප්
- වතුර මිලිලීටර් 50
- යෝගට් මිලිලීටර් 500
- ජෙලටින් මේස හැඳි 4
- (වතුර මිලිලීටර් 100 දමා ඩබල් බොයිල් කරගන්න)
- සීනි මේස හැඳි 5
Top layer එක සඳහා
- පැෂන් පල්ප් කෝප්ප 1/2
- සීනි මේස හැඳි 2
- ජෙලටින් මේස හැඳි 3
- ජලය
සාදාගන්නා ආකාරය
තැටියක් ගෙන බේකිං පේපර් දමා එයට කුඩු කරගත් බිස්කට් සමඟ දිය කරගත් බටර් හොඳින් මිශ්‍රකර තැටියේ පතුල වැහෙන ලෙස අතුරා ශීතකරණයේ තබන්න.බ්ලෙන්ඩරයකට යෝගට්, පැෂන් පල්ප් යුෂ ස්වල්පයක්, සීනි, ඩබල් බොයිල් කර දිය කරගත් ජෙලටින් පෙරා එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කර පෙර සකසා ශීතකරණයේ තැබූ බිස්කට් මිශ්‍රණය මතට දමා රැයක් ශීතකරණයේ තබන්න.
Top layer එකේ තැවරුම සඳහා
ජෙලටින් මේස හැඳි 2 කට වතුර මිලිලීටර් 50 එක් කර දිය කර ගන්න. යුෂ පෙරා පසෙකින් තැබු පැෂන් පල්ප් එක එක් කර මිශ්‍රණය ළිප තබා සිඳීගෙන එන විට ළිපෙන් ඉවත් කර නිවුණු පසු ඉහත ශීතකරණයේ තැබූ පුඩිං එක මතට දමාගන්න.