අවශ්‍ය ද්‍රව්‍ය
- පැෂන් ෆෘට් ගෙඩි 6
- බිත්තර සුදු මද 4
- ලොකු ටින් කිරි 1
- ජෙලටින් ග්‍රෑම් 25
- පැෂන් යුෂ කෝප්ප 1
- සීනි මේස හැඳි 4
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
ජෙලටින්වලට වතුර මේස හැඳි 6 ක් දමා ඩබල් බොයිල් කර බිත්තර සුදු මද පෙණ එනතෙක් හොඳින් බීට් කර පසෙකින් තබා ගන්න. ටින්කිරි භාජනයකට දමා එයට එම ටින් එකෙන්ම වතුර තුන්කාලක් එක් කර පැෂන් යුෂ සහ ජෙලටින් දමා හොඳින් කවලම් කරන්න. එම මිශ්‍රණය බිත්තර සුදු මද භාජනයට සෙමින් එකතුකරන ගමන් බීට් කරගන්න.
එම මිශ්‍රණය පුඩිම සකසන භාජනයකට දමා සවි වන තුරු ශීතකරණයේ තබන්න. පෑන් එකක් ළිප තබා පැෂන් පල්ප් කෝප්ප භාගයකට සීනි සහ වතුර මේස හැඳි 3 ක් එක්කර උකු වෙනතෙක් මද ගින්නේ පිසගෙන නිවෙන්න හරින්න. පසුව කලින් සැකසූ පුඩින් මිශ්‍රණය ශීතකරණයෙන් ගෙන එය මතට මෙම පැෂන් පල්ප් දමා නැවත ශීතකරණයේ තබන්න.