අවශ්‍ය ද්‍රව්‍ය
- ස්පොන්ජ් කේක් එක සඳහා
- බිත්තර 4
- පැෂන් ගෙඩි 4
- හලාගත් පිටි ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 100
- වැනිලා තේ හැඳි 1
- බේකිං පවුඩර් තේ හැඳි 1
- විපින් ක්‍රිම් මිලිලීටර් 150
- අයිසින් සීනි මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
බිත්තර සුදු මද, කහ මද වෙන් කර සුදු මදවලට සීනි ස්වල්පය බැඟින් දමා පෙණ එන තෙක් බීට් කර එයට කහ මද එක බැඟින් එකතුකරන ගමන් නැවත මද වේගයෙන් බීට් කරගන්න. එයට වැනිලා, බේකිං පවුඩර් සහ පිටි දමා ස්පැචුලා එකකින් කවලම් කර අඟල් 6 රවුම් තැටියකට දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙ මිනිත්තු 35 ක් බේක් කරගන්න.
පෑන් එකක් ළිප තබා පැෂන් ගෙඩිවල පල්ප් දමා එයට සීනි ග්‍රෑම් 50, වතුර මිලිලීටර් 100 දමා මදක් සිඳීගෙන එන විට යුෂ පෙරා පැෂන් පල්ප් එක වෙනම භාජනයකට දමා ගන්න. විපින් ක්‍රීම් සහ අයිසින් සීනි එක් කර ඝන වෙනතුරු හොඳින් බීට් කරන්න.බේක් කරගත් කේක් එක මැදින් කපා පැෂන් යුෂ උඩින් දමා පසුව විපින් ක්‍රීම්, පැෂන් පල්ප් එකෙන් මේස හැන්දක් දමා තවරන්න. පසුව කේක් එක විපින් ක්‍රීම්වලින් ආවරණය කර පැෂන් පල්ප් කේක් එක මතට දමාගන්න.