අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- කුඩා කැබලිවලට කපාගත් පාන් පෙති 3
- දියර කිරි කෝප්ප 1/2
- ගම්මිරිස් ස්වල්පයක්
- බටර් තේ හැඳි 1
- අවශ්‍ය පමණට සීනි
- බටර්, චීස්, පැණි වර්ගයක් හෝ
- සෝස් වර්ගයක්
සාදාගන්නා ආකාරය
වියළි බඳුනකට බිත්තරය එක් කර ගෑරුප්පුවකින් ගසා ගන්න.එයට දියර කිරි සහ ගම්මිරිස් එකතු කර සාදාගත් මිශ්‍රණයේ පාන් කැබලි පොඟවා අඩිය නොඇලෙන පෑන් එකක් ගෙන රත් වෙන්නට තබා එයට බටර් ස්වල්පයක් එක් කර බටර් දිය වූ පසු පාන් කැබලි වල දෙපැත්තම මද ගින්නේ පුළුස්සා ගෙන බටර්, චීස්, පැණි හෝ සෝස් තවරා ගන්න.