අවශ්‍ය ද්‍රව්‍ය
- අමු ගස්ලබු ග්‍රෑම් 500
- කපාගත් කුකුල් මස් ග්‍රෑම් 200
- බිත්තර 2
- රතු ලූනු ග්‍රෑම් 50
- ලීක්ස් ග්‍රෑම් 50
- අමුමිරිස් කරල් 4
- කහ කුඩු තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- පොල් කිරි අඬුකෝප්ප 1/2
- පොල්තෙල් මේස හැඳි 4
- චොප් කරගත් ඉඟුරු සුදු ලූනු ග්‍රෑම් 20
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
ගස්ලබු පොත්ත සුද්ද කර දිගැටි හැඩයට කපා සෝදා හුමාලයෙන් තම්බාගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු, රතු ලූනු, අමුමිරිස්, කරපිංචා සහ කුකුල් මස් එකතුකර තෙම්පරාදු කරගන්න. ගසාගත් බිත්තර එකතුකර මද වේලාවකට පසුව පොල් කිරි සහ තම්බාගත් ගස්ලබු දමා හොඳින් කලවම් කර පිසගන්න.