අවශ්‍ය ද්‍රව්‍ය
- කරවිල ග්‍රෑම් 250
- ගොරකා කැබලි 3
- අමුමිරිස් කරල් 4
- රතු ලූනු ගෙඩි 10
- කබලේ බැදගත් මිරිස් කුඩු ග්‍රෑම් 5
- ගම්මිරිස් කුඩු තේ හැඳි 5
- කබලේ බැදගත් තුනපහ කුඩු ග්‍රෑම් 5
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- පොල්කිරි අඬුකෝප්ප 1/2
- පොල් තෙල් මේස හැඳි 3
- රම්පෙ, කරපිංචා
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
කරවිල කපා එයට ගොරකා, කහ, ලුණු හා ගම්මිරිස් දමා තම්බාගන්න. තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදු ලූනු සහ ඉඟුරු එකතුකර තෙම්පරාදු කර පසුව අනෙකුත් සියලුම ද්‍රව්‍ය හා තම්බාගත් කරවිල එකතුකර පිසගන්න.