අවශ්‍ය ද්‍රව්‍ය
- එළුමස් ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 2
- තක්කාලි ගෙඩි 2
- මාළු මිරිස් කරල් 2
- අමුමිරිස් කරල් 3
- සුදුලුනු බික් 6
- අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
- රම්පේ, කරපිංචා
- අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
- එනසාල් ඇට 5
- කරාබුනැටි 5
- ගම්මිරිස් කුඩු මේස හැඳි 2
- කහ කුඩු තේ හැඳි 1
- අමු තුනපහා තේ හැඳි 1
- විනාකිරි මේස හැඳි 3
- වතුර කෝප්ප 3
- පොල්තෙල් මේස හැඳි 4
- රස අනුව ලුණු
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මස් සෝදා වතුර බේරාගන්න.ඉඟුරු, සුදුලූනු, එනසාල්, කරාබුනැටි, හීනීයට තලාගන්න. ලූනු, තක්කාලි, මාළු මිරිස් පෙති කපාගන්න. අමුමිරිස් දිග හැඩයට කපාගන්න. මුලින්ම ස්ටේක් එක සඳහා මස් තම්බාගන්න. භාජනයක් ගෙන එයට එළුමස්, කහ කුඩු තේ හැඳි 1/4, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, අමු තුනපහා තේ හැඳි 1, කුරුඳු කැබැල්ලක්, රම්පෙ, කරපිංචා, විනාකිරි, රස අනුව ලුණු එකතුකර වතුර කෝප්ප තුන එකතු කර අඩු ගින්දරේ මස් ටික තම්බා ළිපෙන් ඉවත් කරගන්න. තම්බාගත් මස් වෙනම දීසියකට දමා භාජනයේ ඇති ස්ටොක් වතුර ටික වෙනම තියාගන්න.
වෙනත් භාජනයක් ළිපේ තබා පොල්තෙල් එකතුකර තෙල් රත්වෙද්දි තලාගත් ඉඟුරු, සුදුලූනු එකතුකර තෙම්පරාදු කරගෙන තම්බාගත් මස් ටික එකතුකර ටික වේලාවක් බැදගන්න. කහ කුඩු, ගම්මිරිස් කුඩු, අමු තුනපහ එකතුකර හොඳින් කලවම් කර ස්ටොක් වතුර ටික එකතුකර හොඳින් කලවම් කරගන්න. කපාගත් ලූනු, මාළුමිරිස්, තක්කාලි, අමුමිරිස් එකතුකර හොඳින් කලවම් කරගනිමින් හොදි ගතිය එනතුරු පිසගෙන ළිපෙන් ඉවතට ගෙන උඩින් කොත්තමල්ලි කොළ දමාගන්න.