අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ග්‍රෑම් 500
- සුදුලූනු ග්‍රෑම් 50
- ලොකුලූනු ගෙඩි 2
- එනසාල් ගෙඩි 3
- කුරුඳු පොතු කැබැල්ලක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- විනාකිරි මේස හැඳි 2
- ගම්මිරිස් කුඩු මේස හැඳි 2
- කහ කුඩු තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- මාළු මිරිස් කරල් 3
- තක්කාලි ගෙඩි 2
- අවශ්‍ය පමණට පොල්තෙල්
සාදාගන්නා ආකාරය
තරමක් කුඩා කැබලි කපාගත් චිකන් හොඳින් පිරිසිදු කර එයට ලුණු, කහ, විනාකිරි, ගම්මිරිස් තේ හැඳි භාගය බැගින් දමා තම්බා පසුව වතුර ගතිය හිදී ස්ටොක් ගතිය තියෙද්දි ළිප නිවා ස්ටොක් එකෙන් චිකන් ටික වෙන් කරගන්න.
ස්ටොක් එක පසෙකින් තබා භාජනයක් ගෙන ළිප තබා එයට තෙල් එකතුකර තලා ගත් සුදුලූනු, එනසාල්, කුරුඳු පොතු යන්තම් බැදෙද්දී තම්බාගත් චිකන් ටික එකතුකර විනාඩි දෙකක් පමණ පිසගෙන රවුම් හැඩයට කපාගත් ලූනු, මාළු මිරිස්, තක්කාලි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර ඒ සමගම වෙන් කරගත් ස්ටොක් එකතුකර හොඳින් කලවම් කර නැවත විනාඩි දෙක තුනක් පිසගන්න.