අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කැබලි වලට කපාගත් බීෆ් ග්‍රෑම් 500
- හොඳින් කුඩු කරගත් එනසල් කරල් 3
- රවුමට පෙති කැපූ බී ලූනු ගෙඩි 2
- සිහින්ව කැපූ සුදු ලුනු බික් 4-5
- දික් අතට කැපූ අමු මිරිස් කරල් 7
- රම්පෙ, කරපිංචා
- විනාකිරි මේස හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- කහ කුඩු ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- කරාබුනැටි 2
- පොල්තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කපාගත් මස් කැබලි, ලුණු, ගම්මිරිස් කුඩු, විනාකිරි, රම්පෙ, කරපිංචා සමග වතුර ස්වල්පයක් මිශ්‍රකර හොඳින් තැම්බෙන්න හැර ස්ටොක් ඉතිරිවන්නට හැර ළිප නිවා මස් ටික වෙන්කරගන්න. වෙනත් භාජනයක් ළිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමා රත්වන විට රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, කුඩුකරගත් එනසල්, කරාබුනැටි, සුදු ලූනු එක්කර තෙම්පරාදු වනවිට එයට තම්බාගත් මස් කැබලි එකතු කර බැදෙන්න හරින්න. ඉතුරු ස්ටොක් ස්වල්පය එක්කර එයට කහකුඩු, ගම්මිරිස් කුඩු, කපාගත් තක්කාලි, රස අනුව ලුණු, අමු මිරිස්, බී ලූනු එකතුකර මස් තැම්බෙන්නට ළිපෙන් ඉවතට ගන්න.