අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත්කර සෝදා කොටු හැඩයට කපාගත් ඌරු මස් ග්‍රෑම් 500
- ලොකු ලූනු ගෙඩි 3
- මාළු මිරිස් කරල් 5
- තක්කාලි ගෙඩි 2
- අමුමිරිස් කරල් 6
- ඉඟුරු සුදු ලූනු පේස්ට් මේස හැඳි 2
- රම්පෙ, කරපිංචා
- කුරුඳු පොතු කැබැල්ලක්
- විනාකිරි කෝප්ප 1/2
- රස අනුව ලුණු
- ගම්මිරිස් කෑලි මේස හැඳි 3
- කහකුඩු තේ හැඳි 1
- අබ කුඩු මේස හැඳි 3
- පොල්තෙල් 1/8
- ගොරක පේස්ට් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
මස් ටික බෝල් එකකට දමා එයට ඉඟුරු, සුදුලූනු පේස්ට්, ලුණු, ගම්මිරිස්, කහකුඩු, අබ කුඩු, ගොරකා සමඟ විනාකිරි එකතුකර හොඳින් මිශ්‍රකර විනාඩි 30 ක් පමණ මැරිනේට් කරගන්න. බඳුනක් ළිප තබා එයට මස් තැම්බෙන ප්‍රමාණයට වතුර දමා උතුරාගෙන එනවිට මැරිනේට් කරගත් මිශ්‍රණය දමා තම්බා ගන්න.
පෑන් එකක් ළිප තබා තෙල් එකතු කර එයට කපාගත් අමුමිරිස්, කුරුඳුපොතු, රම්පෙ, කරපිංචා එකතු කර තෙම්පරාදු කර ගන්න. අවසානයේ තම්බා ගත් මස් එකතු කර විනාඩි 10 ක් පිසගෙන කපාගත් ලොකු ලූනු, තක්කාලි, මාලු මිරිස් පෙති කපා මස් මිශ්‍රණයට එකතු කර ගන්න.