අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලන් ග්‍රෑම් 300
- ලොකු ලූනු ගෙඩි 2
- ලොකු තක්කාලි ගෙඩි 2
- මාලු මිරිස් කරල් 2
- මිටිකිරි කෝප්ප 1/4
- කහකුඩු
- ගම්මිරිස් කුඩු
- රස අනුව ලුණු
- තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
- අඹරාගත් ගොරකා මේස හැඳි 1
- රම්පෙ, කරපිංචා
- කෑලිමිරිස්
- අබ කුඩු
- තෙල් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
දැල්ලන් සුද්ද කර පෙති කපා ලුණු, කහකුඩු, ගොරකා දමා තම්බා ගන්න. තක්කාලි, ලුනු, මාලුමිරිස් පෙති කපාගන්න. මැටි බඳුනක් ළිප තබා තෙල් එකතු කර රත්වූ පසු ඉඟුරු සුදුලූනු සහ රම්පෙ කරපිංචා එකතු කර තෙම්පරාදු කර ගන්න.
එයට මාලු මිරිස්, ලුනු දමා තැම්බීගෙන එන විට ගම්මිරිස් කුඩු කහකුඩු, කෑලිමිරිස්, අබකුඩු එකතුකර හොඳින් කලවම් කර එයට තම්බා ගත් දැල්ලන් සහ පොල්කිරි දමා කිරි හිදෙන තුරු පිසගෙන අවසානේ පෙතිකපාගත් තක්කාලි එකතු කර ළිපෙන් ඉවතට ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/10/indika-senanayake.png)