අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් මාළු ග්‍රෑම් 350
- මාලු මිරිස් කරල් 4
- ලොකු ලූනු ගෙඩි 2
- තක්කාලි ගෙඩි 2
- රම්පෙ, කරපිංචා
- රස අනුව ලුණු
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 1 1/2
- කුරුඳු පොතු කැබැල්ලක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 2
- අබ කුඩු තේ හැඳි 4
- විනාකිරි මේස හැඳි 5
- කහකුඩු තේ හැඳි 1/2
- පොල්තෙල් මේස හැඳි 5
සාදාගන්නා ආකාරය
මාළු සෝදා සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා එයට ලුණු තේ හැඳි 1/2, කහකුඩු තේ හැඳි 1/2, විනාකිරි මේස හැඳි 3 ගම්මිරිස් තේ හැඳි 1, අබ තේ හැඳි 1 දමා වතුර කෝප්ප 1/2 ක් දමා හොඳින් කලවම් කර විනාඩි 15 ක් තම්බා ගන්න.ඉතිරි අබ සහ විනාකිරි වෙනම බඳුනකට දමා දියකර ගන්න.
වෙනත් බඳුනක් ළිප තබා තෙල් එකතු කර රත්වූ පසු එයට රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදු ලූනු, කුරුඳුපොතු එකතු කර තෙම්පරාදු කරගන්නා අතරතුර බී ලූනු, මාලු මිරිස්, තක්කාලි ද පෙති කපා එයට එකතු කර සාදාගත් අබ විනාකිරි මිශ්‍රණයද දමාගන්න. අවසානයේ තම්බාගත් මාළු එකතු කර හොඳින් මිශ්රකරගන්මින් විනාඩි 5 ක් පිසගෙන ලුනු, ගම්මිරිස් පදම බලා ළිපෙන් ඉවතට ගන්න.