අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් කුකුල් මස් කිලෝ 1
- ලූනු ග්‍රෑම් 100
- අමු මිරිස් ග්‍රෑම් 20
- මාළු මිරිස් ග්‍රෑම් 100
- තක්කාලි ග්‍රෑම් 100
- සුදු ලූනු ග්‍රෑම් 20
- ඉඟුරු ග්‍රෑම් 20
- ලීක්ස් ග්‍රෑම් 50
- කෑලි මිරිස් ස්වල්පයක්
- සෝයා සෝස් සහ තක්කාලි සෝස්
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, සොයා සෝස් දමා කවලම් කර පැය 1/2 ක් පමණ සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් රත් වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු, ලූනු පොඩියට කපා එකතුකර මද වේලාවකට පසුව කෑලි මිරිස් දමා එයට තක්කාලි හැර අනෙකුත් සියළුම ද්‍රව්‍ය දමා කලවම් කර අවසානයට තක්කාලි එකතුකරගන්න.