අවශ්‍ය ද්‍රව්‍ය
- සොසෙජස් කරල් 5
- කපාගත් ලූනු ගෙඩි 2
- චොප් කරගත් සුදු ලූනු බික් 4
- චොප් කරගත් ඉඟුරු ග්‍රෑම් 20
- කෑලි මිරිස් තේ හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- තක්කාලි සෝස් සහ සෝයා සෝස්
- සීනි තේ හැඳි 2
- ලීක්ස් ග්‍රෑම් 50
- මාළු මිරිස් ග්‍රෑම් 100
- තක්කාලි ග්‍රෑම් 100
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
සොසේජස් දෙකට කපා බැදගන්න. තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදූ ලුනූ සහ ඉඟුරු දමා මද වෙලාවක් කවලම් කර කෑලි මිරිස්, මිරිස් කුඩු, තක්කාලි සෝස්, සෝයා සෝස් සහ වතුර ස්වල්පයක් දමා කවලම් කර එයට ලුණු, ගම්මිරිස්, සීනි, ලූනු, ලීක්ස්, අමු මිරිස් සහ බැදගත් සොසෙජස් දමා කලවම් කර අවසානයට තක්කාලි දමාගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/10/duminda-siriwardana.png)