අවශ්‍ය ද්‍රව්‍ය
- චොක්ලට් බිස්කට් ග්‍රෑම් 150
- බේකින් පවුඩර් තේ හැඳි 1
- කිරි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
බිස්කට් සහ ක්‍රීම් වෙන්කර බිස්කට් ටික හොඳින් ග්‍රයින්ඩ් කර හලා ගන්න. එයට බේකින් පවුඩර් සහ කිරි එකතු කර එකම පැත්තට කලවම් කරමින් කේක් බැටර් එක සාදාගන්න.
ලොකු ෆ්රයින් පෑන් එකක තෙල් තවරා තෙල් කොළයක් දමා සාදාගත් මිශ්‍රණය එකතු කර අඩු ගින්දරේ පියන වසා සාදාගන්න. පිඟානක් තබා අනෙක් පැත්ත හරවා නිවෙන්න හරින්න.
වෙන් කරගත් ක්‍රීම්වලට කිරි මේස හැඳි 1 ක් එකතු කර කලවම් කර සාදාගත් කේක් එක දෙකට කපා ඉහත ක්‍රීම් ටික එක කොටසක් මත තවරා අනෙක් කොටසින් වසා කෑලි කපා ගන්න.