අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 300
- සීනි මේස හැඳි 1
- ලුණු තේ හැඳි1
- ඊස්ට් මේස හැඳි 1/2
- ඔලිව් තෙල් මේස හැඳි 3
- වතුර කෝප්ප 1
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම බෝල් එකකට දමා හැන්දකින් කලවම් කර විනාඩි 5 කට පසුව අතින් හොඳින් අනාගන්න. බෝල් එකක තෙල් තවරා ඩෝ එක තබා දෙගුණයක් පිපෙන්න වසා තබන්න. පිපුණු පසුව අඟල් 8 කොටු බේකින් ට්‍රේ එකට දමා අතේ ඇඟිලිවලින් ඩෝ එකේ සිදුරු සාදා නැවත දෙගුණයක් පිපෙන්න වසා තබන්න. ලොකු භාජනයක් ළිප තබා එයට උඩින් පොඩි Stand එකක් තියා ඉහත ට්‍රේ එක තියා පියන වසා විනාඩි 30 ක් පමණ මද ගින්නෙ බේක් කර ගන්න.