අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි සෝස් මේස හැඳි 6
- තක්කාලි පේස්ට් මේස හැඳි 2
- අබ ක්‍රීම් මේස හැඳි 1 1/2
- චිලි සෝස් තේ හැඳි 2
- මිරිස්කුඩු මේස හැඳි 1
- ලයිට් සෝයි සෝස් මේස හැඳි 2
- ඩාර්ක් සෝයි සෝස් තේ හැඳි 1
- මී පැණි මේස හැඳි 2
- විනාකිරි තේ හැඳි 2
- වතුර කෝප්ප 1/2
- ලොකු ලූනු ගෙඩි 1
- සුදුලූනු බික් 4- 5
- අඟල් 3 ක පමණ ඉඟුරු කැබැල්ලක්
- සේර කැබලි 2
- ඔලිව් තෙල් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
තක්කාලි සෝස් , තක්කාලි පේස්ට්, අබ ක්‍රීම්, චිලි සෝස්, මිරිස්කුඩු, ලයිට් සෝයි සෝස්, ඩාර්ක් සෝයි සෝස්, මී පැණි විනාකිරි, වතුර සියල්ල භාජනයකට දමා හොඳින් කලවම් කර පසෙකින් තබන්න. අනතුරුව අඩිය ඝනකම් භාජනයක ළිපේ තබා රත් වන විට ඔලිව් එකතුකරගන්න. එයට කුඩාවට කපාගත් ලූනු, ඉඟුරු, සේර, සුදුලූනු එක් කර මද ගින්දරේ රන්වන් පාට වනතුරු පිස ගන්න. එයට කලින් මිශ්‍ර කරගත් සෝස් එක්කර බුබුලු දමා එනතුරු ළිපේ ගින්නදර අඩු කර හැඳි ගාමින් හින්දන්න.