අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට ග්‍රෑම් 500
- චොක්ලට් ග්‍රෑම් 150
- සීනි ග්‍රෑම් 50
- කජු ග්‍රෑම් 50
- වියළි මිදි ග්‍රෑම් 50
- නැවුම් කිරි ලීටර් 1
සාදාගන්නා ආකාරය
කොස් ඇට හොඳින් තම්බා එහි දුඹුරු පාට පොත්ත ඉවත් කරගන්න. ඉන්පසු කිරි සමඟ මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩ් කර සුදුසු භාජනයකට දමාගන්න. එයට සීනි සහ චොක්ලට් එකතුකර හොඳින් හැඳිගාමින් උකු මිශ්‍රණයක් සාදාගන්න. මිශ්‍රණය පුඩිම සාදන භාජනයට දමා ශීතකරණයේ තබන්න.