අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට ග්‍රෑම් 500
- පාන් පිටි ග්‍රෑම් 100
- සිහින්ව කපාගත් කොච්චි ග්‍රෑම් 20
- සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 100
- කරපිංචා ඉති 1
- කහ කුඩු තේ හැඳි 1/4
- බැදගැනීමට තෙල්
- රස අනුව ලුණු
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කොස් ඇට තම්බා හොඳින් පිටි කර එයට ලූනු, කරපිංචා සහ කොච්චි එකතුකරගන්න. මිශ්‍රණයට පාන් පිටි සහ වතුර ස්වල්පයක් එකතුකර හොඳින් අනාගන්න. මිශ්‍රණය උළුදු වඩේ හැඩයට සාදා ගැඹුරු තෙලේ බැදගන්න.