අවශ්‍ය ද්‍රව්‍ය
- වට්ටක්කා ග්‍රෑම් 150
- කටු ඉවත්කරගත් තෝරා මාළු පෙත්තක්
- රතුලූනු ගෙඩි 6
- සුදුලූනු බික් 4
- කුරුඳු පොඩි කැබැල්ල
- මිටිකිරි අඬුකෝප්ප 1
- කහකුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/4
- බටර් මේස හැඳි 2
- වතුර අඬුකෝප්ප 1
- දෙහි ඇඹුල් මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
වට්ටක්කා සහ මාළු කුඩා කැබලි වලට කපාගන්න. රතුලූනු, සුදුලූනු චොප්කර පසෙකින් තබන්න. භාජනයක් ළිප තබා එය රත් වෙද්දි බටර් එකතුකර එයට කුරුඳු, චොප් කරගත් ලුනු, සුදුලූනු එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
කපාගත් වට්ටක්කා, මාළු, කහකුඩු, ගම්මිරිස්කුඩු රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කරගෙන අවසානයේ වතුර හිඳෙනතුරු හොඳින් තම්බාගන්න. ඉන්පසු පොල්කිරි එකතුකර හොඳින් උතුරන විට ළිපෙන් ඉවතටගෙන බ්ලෙන්ඩ් කර දෙහි ඇඹුල් එකතුකර බීමට ගන්න.