අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් පිටි ග්‍රෑම් 250
- පොල් ග්‍රෑම් 200
- රස අනුව ලුණු
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
පිටි විනාඩි 2-3 ක් හොඳින් බැදගන්න.පොල්, ලුණු සහ වතුර එකතු කර එයට හාල් පිටි දමා කලවම් කර කැට සකස් කරගන්න. පිට්ටු බම්බුවෙ පොට් එකට වතුර එකතු කර හොඳින් රත් කරන්න. උඩ පිට්ටු බම්බුව තියා රත් වෙන්න දෙන්න. පසුව පිට්ටු මිශ්‍රණය තද නොකර පිට්ටු බම්බුවට එකතු කර පියන වසා හොඳින් ස්ටීම් කරගන්න. සුවඳ එන විට පිඟානකට මාරු කරගන්න.