අවශ්‍ය ද්‍රව්‍ය
- කරවල කැබලි 10-15
- කැබලිවලට කඩාගත් රම්පෙ කොළ 1
- කරපිංචා ඉති 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- කපාගත් අමුමිරිස් කරල් 2
- කපාගත් ලූනු ගෙඩි 1/4
- උළුහාල් තේ හැඳි 1/4
- කහ කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු
- දිය කිරි කෝප්ප 1
- මිටි කිරි මිලි ලීටර් 500
- දෙහි යුෂ බිංදු 2-3
සාදාගන්නා ආකාරය
භාජනයකට මිටි කිරි සහ දෙහි යුෂ හැර ඉතිරි සියල්ල එකතු කර මද ගින්නෙ හොඳින් තම්බාගන්න. මිටි කිරි එකතු කර දිගටම හැදි ගාමින් තරමක් හින්දවා ළිප නිවා දෙහි යුෂ එකතුකර කලවම් කරන්න.