අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් අල ගෙඩි 2
- කපාගත් ලූනු ගෙඩි 1/2
- රම්පෙ කොළ 1
- කපාගත් අමුමිරිස් කරල් 2-3
- කරපිංචා ඉති 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- උම්බලකඩ ස්වල්පයක්
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1 1/2
- කහ කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 2
- උළුහාල් තේ හැඳි 1/4
- මිටිකිරි කෝප්ප 1
- දිය කිරි කෝප්ප 2
සාදාගන්නා ආකාරය
අල ටිකට මිටිකිරි හැර ඉතිරි සියල්ල එකතු කර පියන වසා තම්බා ගන්න. අල හොඳින් තැම්බුන පසු මිටි කිරි එකතුකර තරමක් හින්දවා ගන්න.