අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් බිත්තර කිහිපයක්
- දිය කිරි කෝප්ප 1
- මිටි කිරි කෝප්ප 2-3
- කහ කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු
- කපාගත් අමුමිරිස් කරල් 4
- කපාගත් රට ලූනු ගෙඩි 1/4
- කුරුඳු පොතු කැබැල්ලක්
- ගොරකා කැබැල්ලක්
- රම්පෙ කොළ 1
- කරපිංචා ඉති 2
- උම්බලකඩ ස්වල්පයක්
- උළුහාල් තේ හැඳි 1/4
- දෙහි යුෂ බිංදු 2-3
සාදාගන්නා ආකාරය
බිත්තර ටික වෙන් නොවන ලෙස පිහියකින් ඉරි ඇඳ ගන්න. භාජනයකට දිය කිරි, කහ කුඩු, ලුණු කුඩු, අමුමිරිස්, රට ලූනු, කුරුඳු පොතු, ගොරකා, රම්පෙ, කරපිංචා, උම්බලකඩ, උළුහාල් එකතුකර තැම්බෙන්න හරින්න. තැම්බුන පසු මිටි කිරි එකතු කර දිගටම හැදිගාන්න. මිශ්‍රණය උකු වනවිට බිත්තර එකතුකර විනාඩි 2-3 ක් පිස ගන්න. ළිප නිවා දෙහි යුෂ එකතු කරන්න.