අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 100
- තෙල් මේස හැඳි 2
- කපාගත් ලූනු ගෙඩි 1/2
- ඉඟුරු සුදු ලූනු පේස්ට් තේ හැඳි 1/2
- අමුමිරිස් කරල් 2
- මිරිස් කුඩු තේ හැඳි 1 1/4
- කහ කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 1
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- තක්කාලි ගෙඩි 1
- කරපිංචා ඉති 1
- පොල් කිරි කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
පරිප්පු සෝදා විනාඩි 15 ක් පොගවා පෙරා පසෙකින් තබාන්න. තෙල් රත්වූ පෑන් එකකට ලූනු, ඉඟුරු, සුදු ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු සහ ලුණු කුඩු එකතුකර බැද ගන්න. පසුව පරිප්පු එකතු කර විනාඩි 2-3 ක් බැදෙන්න හැර තක්කාලි, කරපිංචා සහ වතුර කෝප්ප 2 ක් එකතු කර වැඩි ගින්දරේ පිස පොල් කිරි දමා හින්දවා ගන්න.