අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 6
- තම්බා ගත් කැරට් අලයක්
- තම්බා ගත් බිත්තරයක්
- අවශ්‍ය ප්‍රමාණයට මයෝනිස් සෝස්
- බටර් ස්වල්පයක්
- කරපිංචා
- සුදුලූනු බික් 3
- බොම්බයි ලූනු ගෙඩියක්
- අබ කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
මුලින්ම තම්බාගත් කැරට් අලය සිහින්ව ග්‍රේට් කරගන්න. එයට තම්බා ගත් බිත්තරයද එක්කර පොඩි කරගෙන පසෙකින් තියන්න. කරපිංචා සහ සුදු ලූනු ග්‍රයින්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගෙන බිත්තර සහ කැරට් මිශ්‍රණයට එක්කරගන්න.එම මිශ්‍රණයට සිහින්ව කපාගත් බොම්බයි ලූනු, මයෝනීස් සෝස්, බටර්, ගම්මිරිස් සහ අබ කුඩු එක්කරගෙන හොඳින් මිශ්‍ර කර අවසානයේ රස අනුව ලුණු ස්වල්පයක් එක්කර පාන් වල තවරාගන්න.