අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් මාළු ග්‍රෑම් 250
- බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 1/2
- කරපිංචා ඉති 2
- රම්පෙ කොළ 1
- අමුමිරිස් කරල් 1
- සුදු ලූනු බික් 1
- ගම්මිරිස් ඇට 20
- ගොරකා කැබලි 2
- උළු හාල් ඇට තේ හැඳි 1/4
- තුනපහ කුඩු මේස හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- කුරුඳු පොතු කැබලි 1
- පොල් වතුර ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අමුමිරිස්, සුදු ලූනු, ගම්මිරිස් ඇට හොඳින් කොටා එම මිශ්‍රණය සහ ඉහත සියල්ලම පෑන් එකකට එකතු කර මද ගින්නෙ පිසගන්න. මිශ්‍රණය හින්දවා ළිපෙන් ඉවත් කර දෙහි යුෂ එකතු කරන්න.