අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපාගත් ටූනා ග්‍රෑම් 500
- ලුණු කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- දෙහි යුෂ මේස හැඳි 3
- කපාගත් මාළු මිරිස් කරල් 3
- කපාගත් ලූනු ගෙඩි 2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- අමුමිරිස් කරල් 5
- රම්පෙ 1
- කරපිංචා ඉති 2
- තලාගත් සුදු ලූනු බික් 4
- කෑලි මිරිස් මේස හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 4
- ස්වීට් චිලි සෝස් මේස හැඳි 2
- සීනි මේස හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
කපාගත් මාළු, ලුණු කුඩු, කහ කුඩු සහ දෙහි යුෂ සියල්ල කලවම් කර විනාඩි 30 ක් තබා ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. තෙල් රත්වූ පෑන් එකකට සුදු ලූනු, රම්පෙ, කරපිංචා, ලූනු, මාළු මිරිස්, අමුමිරිස් දමා තත්පර 30 ක් පමණ බැද ගන්න. එයට කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, සීනි සහ ලුණු දමා තත්පර 30 ක් බැද සෝස් එකතු කර කලවම් කරන්න. මාළු හා තක්කාලි එකතු කර කලවම් කරන්න. ලුණු රස බලා අවශ්‍ය නම් එකතු කර ගන්න.