අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් බිත්තර 5
- කපා ගත්ත ලූනු මේස හැඳි 1
- කපා ගත්ත අමු මිරිස් කරල් 2
- කපා ගත් පොඩි තක්කාලි ගෙඩි 1
- මිරිස් කුඩු මේස හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- ගරමිමසාලා මේස හැඳි 1
- රස අනුව ලුණු
- කුරුඳු කැබැල්ලක්
- තලා ගත් සුදුලූනු, ඉඟුරු මේස හැඳි 1
- උලුහාල් ඇට කිහිපයක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- තෙල් හෝ ගී මේස හැඳි 4
- වතුර කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
මුලින්ම බිත්තර ටික දෙකට කපා ගන්න.පසුව පෑන් එකක් ළිප තබා තෙල් මේස හැඳි 2 ක් එකතුකර බිත්තර කහමදය පැත්ත ටිකක් රන්වන් පාට වන තෙක් බැද ගන්න. නැවත පෑන් එක ළිපේ තබා ඉතුරු තෙල් හැඳි 2 දමා රත් වූ පසු එයට අබ, උළුහාල්, සුදුරු සමග තලා ගත් සුදු ලූනු, ඉඟුරු දමා එය බැදි ගෙන එනවිට කපා ගත් රටලූනු, අමු මිරිස්, කරපිංචා, රම්පේ සමග කපාගත් තක්කාලි ටික එකතුකර එයට මිරිස්කුඩු, තුනපහ කුඩු, කහ සහ ගරම්මසාලා දමා කවලමි කර වතුර එකතුකරගන්න. පියනකින් වසා මද ගින්නේ හොද්ද පිසගෙන එයට බැදගත් බිත්තර ටික දමා පරිස්සමෙන් කලවම් කර ලුණු පදම බලා ළිපෙන් ඉවතටගන්න.