අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් බිත්තර 4
- සිහින්ව ලියා ගත් ගෝවා කෝප්ප 1
- සිහින්ව ලියා ගත් ගර්කින් කෝප්ප 1
- චොප් කර ගත් කොල ඇපල් ගෙඩි 1/2
- චොප් කර ගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1
- මයෝනිස් සෝස් මේස හැඳි 1
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ලෙමන් යුෂ මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බිත්තර ටික ග්‍රේට් කර එයට ගෝවා, ඇපල් සහ ගර්කින් එකතු කරගන්න. මෙයටම චොප් කරගත් කොත්තමල්ලි කොළ සහ මයෝනිස් එකතු කරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු සහ ලෙමන් යුෂ එකතුකර හොඳින් කලවම් කර පිළිගන්වන්න.