අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ජාඩි ග්‍රෑම් 100
- ගාගත් පොල් ග්‍රෑම් 250
- රතු ලූනු ග්‍රෑම් 50
- අමු මිරිස් කරල් 3
- අබ ඇට තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/2
- කරපිංචා ඉති 1
- ගොරකා කැබලි 2
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි 3
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
සාදාගන්නා ආකාරය
රතු ලූනු, සුදු ලූනු, ඉඟුරු, අමු මිරිස්, අබ සහ පොල් හොඳින් අඹරා ගන්න. තෙල් රත් වූ භාජනයකට ජාඩි දමා තෙම්පරාදු කර පසුව පොල් මිශ්‍රණය සහ ඉතිරි සියලුම ද්‍රව්‍ය එකතුකර හොඳින් මලවා ගන්න.