අවශ්‍ය ද්‍රව්‍ය
- ගසාගත් බිත්තර 3
- තම්බාගත් බාස්මති සහල් ග්‍රෑම් 400
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදු ලූනු ස්වල්පයක්
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- කොටු හැඩයට කපාගත් කැරට් අලයක්
- කපාගත් බෝංචි කරල් 2
- ග්‍රීන් පිස් ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
- රස අනුව ලුණු
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු සහ ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න. පසුව එයට කැරට්, බෝංචි සහ ග්‍රීන් පීස් දමා කලවම් කර ගසාගත් බිත්තරය එකතුකර හොඳින් කලවම් කරගන්න. අවසානයට සාදාගත් බත්, ලීක්ස්, ලුණු සහ ගම්මිරිස් එකතුකරගන්න.