අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කැරට් අල 2
- කපාගත් ගෝවා ග්‍රෑම් 100
- කපාගත් අල ගෙඩි 1
- කපාගත් බෝංචි කරල් 5
- කපාගත් බේබ් කොන් 5
- කපාගත් බට්න් මෂ්රූම් 6
- කපාගත් මල් ගෝවා ග්‍රෑම් 100
- බටර් මේස හැඳි 1
- චොප් කරගත් සුදූ ලූනු බික් 2
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- කපාගත් ලූනු ගෙඩි 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- සේසමි ඔයිල් තේ හැඳි 1/4
- වතුර ස්වල්පයක දියකරගත් කොන් පිටි මේස හැඳි 1
- සෝයා සෝස් මේස හැඳි 1 1/4
- සීනි තේ හැඳි 1/4
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ඉඟුරු සහ සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. එයට කපාගත් සියලුම එළවළු, සෙසමි ඔයිල්, වතුර, සෝයා සෝස්, ලුණු හා ගම්මිරිස් දමා තැම්බෙන්න හරින්න. තැම්බුණ පසු දියකරගත් කෝන් පිටි එකතුකරගන්න.