අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක් මේඩ් කොප්ප 1/2
- බටර් ග්‍රෑම් 100
- චොකලට් වේෆස් ග්‍රෑම් 200
- මාරි බිස්කට් ග්‍රෑම් 200
- කුකින් චොකලට් ග්‍රෑම් 200
සාදාගන්නා ආකාරය
මිල්ක් මේඩ් කොප්ප භාජනයකට දමා තරමක් රත් කර බටර් එකතුකර දියකර නිවෙන්න හරින්න. චොකලට් වේෆ්ස් බිස්කට් හා මාරි බිස්කට් වෙන වෙනම හොඳින් කුඩු කර දෙකම හොඳින් කලවම් කරගන්න. බිස්කට් කුඩු මිල්ක් මේඩ් මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.
කේක් තැටියකට බටර් ස්වල්පයක් තවරා සාදාගත් මිශ්‍රණය අතුරා හොඳින් තුනී කර පැයක් පමණ ශීතකරණයේ තබන්න. පසුව එයට උඩින් කුකින් චොක්ලට් දියකර උඩින් අතුරා නැවත ශීතකරණයේ පැයක් පමණ තබන්න.