අවශ්‍ය ද්‍රව්‍ය
- තැඹිලි වතුර බොතල් 3
- සීනි කිලෝග්‍රෑම් 3
- ඊස්ට් ග්‍රෑම් 25
- කුරුඳු පොතු ස්වල්පයක්
- කරදමුංගු 8
- එනසාල් 8
- දෙහි යුෂ වීදුරු 2
සාදගන්නා ආකාරය
කරදමුංගු, කුරුඳු පොතු හා එනසාල් කුඩු කර එයට ඊස්ට් දමා ගන්න. මෙම මිශ්‍රණයට දෙහි යුෂ දමා හොඳින් කලවම් කර තැඹිලි වතුරද එකතු කරගන්න. මෙය හුළං නොවදින සේ දවස් 10 ක් පමණ වසා තබන්න. පසුව සීනි පැණිය එකතු කර නැවත දින 3 ක් තිබෙන්නට හැර වයින් මිශ්‍රණය පෙරා බෝතල් වලට අසුරාගන්න.