අවශ්‍ය ද්‍රව්‍ය
- බීට් රූට් ගෙඩි 5 ක්
- තලාගත් වියළි මිදි ග්‍රෑම් 200
- දෙහි යුෂ කෝප්ප 1/2
- තේ කහට කෝප්ප 1/2
- සීනි කිලෝ 1 1/2
- ඊස්ට් ස්වල්පයක්
- ජලය ලීටර් 1 1/2
- මද්‍යසාර මිලි ලීටර් 300
සාදගන්නා ආකාරය
පොතු ඉවත් කරගත් බීට් රූට් කුඩා කැබලි වලට කපා භාජනයකට දමා ඊට ජලය එකතු කරගන්න. එය මිනිත්තු 15 ක් පමණ තම්බා බීට් රූට් ඉවත් කර වෙනත් භාජනයකට දමා එයට තලාගත් වියළි මිදි හා සීනි ප්‍රමාණයෙන් බාගයක් දමාගන්න. ඉන්පසු එය සිසිල් වෙන්නට තබා දෙහි යුෂ, ඊස්ට් හා තේ කහට එකතුකරගන්න.
එය සුළං නොවදින සේ අවරණය කර සතියක් පමණ වසා තබන්න. දවසට කිහිපවරක් මෙම භාජනය සොලවන්න. සතියකට පසු මෙය වෙනත් භාජනයකට පෙරාගෙන ඉතිරි සීනි හා ජලය ගෙන සීනි පැණිය සාදගන්න ( උණු කරගත් සීනි ). එය බීට් රූට් මිශ්‍රණයට දමා දවස් 5 ක් පමණ තබන්න. පසුව මිශ්‍රණය හොඳින් කලවම් කර බෝතල් වලට දමා හොඳින් වසා තබාගන්න.